Latestදේශීය

ජාතික ආන්ඩුවක්

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇත.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය පළ කරන්නයි විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එදිනට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මෙම දැනුම්දීම කළ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගියදා මාධ්‍ය වෙත කියා තිබුණේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා මුලින්ම සියලු දෙනාට ආරාධනා කළ යුතු බවයි.

පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් කණ්ඩායම් වශයෙන් ඔහු තනි පුද්ගලයන් ලෙස තීන්දු ගත හැකි බවද ඔහු කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *