පාස්කු ප්‍රහාරයට විරෝධය පා ජන පවුරක්
පාස්කු ප්‍රහාරයට වසර හතරක් සපිරෙන එළැඹෙන විසි එක් වෙනි දාට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකසන බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් සඳහා කරයි.
කොළඹ අගරදගුරු නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියහ.
මෙම ජන පවුර සඳහා එක් වන්නැයි සියලු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින බවද රදගුරුතුමන් කියා සිටියහ.
අප්‍රේල් 21 වන දා පෙරවරු 08.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මෙම ජන පවුර මීගමු කොළඹ මහාමාර්ගයේ පාර දෙපස සිටගෙන සිටීම පමණක් සිදුකරන බවද අගරදගුරුතුමන් කියා සිටියහ.
ජන පවුර මගින් පාරේ ගමන් කරන පුද්ගලයන්ට හෝ වාහන වලට බාධාවක් සිදු නොවන බවද එතුමන් තවදුරටත් පැවසූහ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

