Latestදේශීයමතවාද

“මහා අනෙකා” තුළ අතරමං වීමේ දේශපාලනය

(විදර්ශන කන්නන්ගර)

ලංකාවේ පාර්ලිමේන්තුව,අධිකරණය,විධායකය,මැතිවරණ,විවිධ කොමිෂන් සභා වැනි ආයතන ‘සැබවින්ම පවතින’ බවත් ඒවායේ නීති රීති වලට හැකි තරම් එකගවී කටයුතු කළ යුතු බවත් විශ්වාස කරන ‘දේශපාලන මහත්තයෙකුට’ (සහ එවැනි නෝනාවරුන් මහත්වරුන්ගේ ව්‍යාපාරයකට) මේ වැනි අභග්ගයන් සිදුවීම කිසිදු අහම්බයක් නොවේ..

අනුරලා මොන විකල්ප දේශපාලන කතා කිව්වද දේශපාලනයේ වියහැකියාව තීරණය කරන අති මූලික පාඩම නොදනී. එනම් ලැකානියානු මනෝවිශ්ලේෂණ ප්‍රවේශය හරහා ස්ලැවෝයි ශිශෙක් විසින් න්‍යායිකව අවධාරණය කරන නිවේදනයයි.

The Big Other Doesn’t Exist

(මහා අනෙකා යනුවෙන් දෙයක් නොපවතී)

ක්‍රීඩාවේ පවතින නීති රිති වලට අනුව මැච් එක ගසන්නන් විශ්වාස කරන්නේ ‘මහා අනෙකා’ යනුවෙන් දෙයක් සැබවින්ම පවතින බවයි.

එහෙත් ‘දේශපාලනයේ’ සද්භාවී හරය වන්නේ දැනට ගසමින් ඇති ක්‍රීඩාව (එහි නීති රීති) වෙනස් කර දැමීමයි. එය ක්‍රියාවට නැගිය හැක්කේ ‘මහා අනෙකා යනුවෙන් දෙයක් නොපවතී’ යන යථාව අන්තර් ග්‍රහණය කර ගැනීමෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *