Latestදේශීය

අධික උෂ්ණත්වය ගැන දැනුවත් කිරීමක්

 අද දිනයේත් ප්‍රදේශ රැසක උෂ්ණත්වයක් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල මොණරාගල යන දිස්ත්‍රික්කවල ද උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

 මෙම උෂ්ණාධික කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

 උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට අවධානයෙන් අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ලෙස පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර ජලය පානය කිරීම (අවම වශයෙන් දිනකට ලීටර් 2.5 ) පිපාසය සඳහා ජලය වෙනුවට පැණි බීම පානයෙන් වැළකීම, අධික හිරු රශ්මියට නිරාවරණය වන කාලය හැකිතාක් අවම කිරීම ,හැකි සෑමවිටම ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් කියන්න භාවිත කිරීම ,එලිමහනේ ගැවසීමේ දී කුඩ සහ තොප්පි භාවිතා කිරීම මෙන්ම වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවදානම වැඩි නිසා ඔවුන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම යන කරුණු සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *