කිරිපිටි මිල අඩුවන ලකුණු
ආනයනික කිරිපිටි මිල තව දුරටත් කිරිපිටි මිල මෙරට ප්‍රධාන කිරි පිටි ආනයන සමාගම් එකඟතාවය පළ කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට නියමිතව ඇත.
අමාත්‍යවරයා පැවසුවේ කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රටේ පැවැත්වූ සාකච්ඡාවක දී මෙම සම්බන්ධයෙන් එකඟතාවය පළ කළ බවයි.
අප්‍රේල් මස පළමුවෙනිදා සිට ආනයනික කිරිපිටි මිල පහත හෙලීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදි කිලෝග්රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහත හෙළනු ලැබුවා.
ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කිරිපිටි මිල අඩු වන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම් දීමට ආනයනකරුවන් එකඟ වූ බවයි.
මේ වන විට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1660ම්වන අතර කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2895 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

