Latestදේශීය

දේශපාලන පත්වීම් සූදානම්

කල්මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්‍රේල් මස අවසන් වීමට පෙර සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනා ම ඉවත් කරන්නට යන බව ත්, ඇතැම්විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බව ත් දැනගන්නට ඇත.

පොහොට්ටුවේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු පොහොට්ටුවෙන් ද, අනෙක් හතර දෙනා එජාපයෙන් ද පත්කිරීමට ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *