Latestදේශීය

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම

පසුගිය පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු පිරිස් කිසිවෙකුට ගැලවීමට ඉඩක්නොදී නීතියෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, සියලු වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ(18) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුකර වසර 04ක් එලැඹෙන 21 දිනට යෙදීම
සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මෙම සිදුවීම විසඳුනු ආකාරය සම්බන්ධයෙන් කතෝලික සභාව තෘප්තිමත් නොවන නමුත්, මේ පිළිබඳ සාධාරණ නඩු තීන්දු කිහිපයක් ලබාදී ඇති බවත්, පාස්කු සිදුවීමේදී රාජකාරි පැහැරහැරි නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලබාදී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර මේ වන විට ලබාගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු අඩංගු වාර්තාවක් පොලිසිය භාර අමාත්‍යවරයා විසින් සූදානම් කර ඇති බවත්, එම වාර්තාව රදගුරු සමුළුවට ලබාදීමට නියමිත බවත්, අමාත්‍යවරයා පැවසීය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *