Latestදේශීය

බස් 500යේ දෝෂ ගැන කවුරුවත් කිවුවේ නැහැ

ඉන්දියන් රජයෙන් ලබා දී ඇති බස් රථ 500 හි කාර්මික දෝෂ තිබෙන බවට ලංගම සභාපතිවරයා දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස්රථ 500 ක් මෙරටට ගෙන්වීමට පසුගිය සමයේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි දිලුම් අමුණුගම මහතාගේ අමාත්‍යධුර කාලයේ දී මේ සඳහා අවශ්‍ය පිළිවිතරයන් සකස් කර ලද අතර, එහෙත් මෙරට තිබුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ සාදා නිමකරන ලද බස් නැවත නොගැනීමට කටයුතු නොකිරීම ගැටලුවක්ව පැවති නිසා තානාපති කාර්යයාල සමඟ සාකච්ඡා කර තමන් ප්‍රවාහන අමාත්‍යධුරය භාරගත් පසු මෙරට 75 වන නිදහස් දිනයට සමගාමීව එම බස්රථ 500 පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව එක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා දේශපාලනඥන් සම්බන්ධ නොවන අතර ඒ සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර ඉතාම විනිවිද ආකාරයෙන් තාක්ෂණික කමිටු, ප්‍රසම්පාදන කමිටු පත් කර මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව, එදින සිට සෑම දිස්ත්‍රික්කයකම මෙම බස්රථ ධාවනය කෙරෙන බවත්, එහෙත් ඇතැමුන් නව බස්රථ ග්‍රාමීය ප්‍රදේශ වල ධාවනය වීම සම්බන්ධයෙන් ඇතැම් ඊර්ශ්‍යා සහගත ප්‍රකාශ සිදු කරමින් සිටින බවටත් හෙතෙම පැවසීය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *