Latestදේශීය

බැංකු අනතුරට යවන IMF කොන්දේසි

මෙම මාසය අවසන් වීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබූ කොන්දේසිය නිසා මෙරට බැංකු පද්ධතිය සහ විශ්‍රාම අරමුදල් බරපතල අනතුරකට ලක් වී තිබේ.

ආණ්ඩුව මෙයට පෙර ප්‍රචාරය කර තිබුණේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරණ බවය. එහෙත් මුදල් අමාත්‍යාංශය සකස්කළ ක්‍රියාකාරී සැලසුම අනුව මැයි මාසයේ සිට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාමාර්ග දියත්කළ යුතුව තිබේ. විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් කර අවසන් කළ යුතු වන්නේ මැයි මස අවසන් වනවිටය. එය ක්‍රියාත්මක කිරීම ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලපරාසයක පවතී.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී මෙරට විශේෂයෙන්ම රාජ්‍ය බැංකු 03 සහ සේවක අර්ථසාදක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ප්‍රබලම තර්ජනයකට ලක් වී තිබේ. ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් විශාලම ණය මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ බැංකු සහ විශ්‍රාමවැටුප් අරමුදල්වලිනි.

රුපියල් ට්‍රිලියන 8.8ක් වූ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 44.5%ක් මෙරට බැංකුවලින් ලබාගෙන ඇති අතර 43%ක් ලබාගෙන තිබෙන්නේ සේවක අර්ථසාදක අරුමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) යන මූලාශ්‍රවලිනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *