භාන්ඩ රැසක ආනයන සීමා ඉවතට
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවය.
රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඊයේ (18) අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි.
නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර තිබේ.
2021 වසරේ දී භාණ්ඩ 485ක් ද 2022 වසරේදී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවූ බවය.
ඒ අනුව නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාළ තීරණ ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

