Latestදේශීය

රිලවුන් කතාව පිළිබඳව චීනයෙන් පැහැදිලි කිරීමක්

මෙරටින් රිලවුන් ලක්ෂයක් චීනය වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට යැවීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලිමක් ලැබී නොමැති බවයි.

චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව සහ ඒ  සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට සක්‍රීය ලෙස දායක වන බවයි.

 නමුත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් චීනයේ සත්වෝද්‍යානය සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයන් පිරිසක් ඉල්ලීමක් කර ඇති බව හා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව කමිටුවක් පත් කරන බවයි පසුගිය 11වන දා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටීයේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *