Latestදේශීය

අගරදගුරු අගවිනිසුරු නෙමෙයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් යනු අගවිනිසුරු නොවන බවත් තීන්දු ලබා දෙන්නේ අධිකරණයෙන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (19) මහනුවරදී පවසා තිබේ.

ඔහු මේ බව පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සුදු කළා යැයි මාධ්‍ය වේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනපතිවරයා,

ප්‍රශ්නය – සර් දැන් ඔබතුමාගේ දඩ මුදල ගෙවන්න ලෑස්ති වෙලා ද ඉන්නේ ?

“ඒක ඉතින් ඉස්සරහට බලමු. අධිකරණය කියන දේ අපි කරන්න එපැයි. ඒවට ගරු කරන්න එපැයි.”

ප්‍රශ්නය – කාදිනල්තුමා ඊයෙත් කිව්වා ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුයි කියලා.

“එයා අගවිනිසුරු නෙමෙයි නේ. ඒවා තීන්දු කරන්නේ අධිකරණය නේ.”

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *