ටෙලිකොම් රැකගන්න අධිකරණයට යයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට පියවර ගැනීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ.බී ගුරුසිංහ සහ ලේකම් එච්.කේ හෙට්ටිආරච්චි විසිනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

