Latestදේශීයමතවාදවිශේෂාංගසංස්කෘතික

වීදි නාට්‍ය සහ ආචාර්ය ගාමිණී හත්තොටුවේගම

(එස් පියසිරි සේනාධීර)

හැටේ දශකයේ මැද භායේ පමණ මා හොරණ ශ්‍රීපාලියේ ඉගෙනුම ලබන සමයේ අරුන්ධතී ශාලාව පසුකර පහළට එන පටුමඟෙහි ගමන් කරන තරමක අමුතු පුද්ගලයකු ඉඳහිට දුටු මම මේ කවුදැයි විපරම් කළෙමි.

ඉන්දීය සම්ප්‍රදායේ පාවහන් දෙකකුල් අඟල් දෙක තුනක් නැමූ කලිසමත් සාක්කු වලින් පිරි නවා ගත් අත් දිග එල්ලන බැගී කමිසයකුත් එයට යටින් ඇඳි තවත් කමිසයකිනුත් සැරසුණු මේ අමුත්තාගේ කරෙහි වූයේ රෝම කාසියක් එල්ලෙන මාලයකි.

දිගු පබළුමය දැවමය අත් පළඳනාවක් වමතෙහි දවටා තිබුණි . එක් උරයක එල්ලගෙන සිටියේ⁣ කපු රෙදිවලින් තැනූ හචා බෑගයකි. එසේ වුවද මේ සරල සැහැල්ලු සොඳුරු නිහතමානී පුද්ගලයා තුළ වූයේ විද්වත් හා සුහද පෙනුමකි.

ඒ ශ්‍රී ලංකාවේ වීදි නාට්‍යයේ පියා වන කැළණිය හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය ගාමිණි හත්තොටුවේගමයි.

1939 .11 29ගාල්ලේ රිච්මන්ඩ් විව්* හි උපත ලබා 2009.10.30 දින අපගෙන් සදහටම සමුගත් ගාමිණී කළ්‍යාණදර්ශ හත්තොටුවේගම පාසැල් අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙනි.

1956 දී විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය නිම කළේ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව ගෞරව උපාධිධරයෙකු ලෙසිනි . කලක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසද සේවය කළ ඔහු කැළණිය [එවකට විද්‍යාලංකාර ] හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්හි ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය .

1974 සිට මියයනතෙක්ම නිවාස මුදල් ධනය පසුපස හඹා නොගොස් සෞඛ්‍යය පෞද්ගලිකත්වය හා ජීවිතය යන මූලික සංකල්ප නොසළකා අමතක කොට විදී නාට්‍ය කලාව වෙනුවෙන් කැපවූ එතුමා ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයක්ම කරළියට ගෙන ආවේය.

Agachemnan* , හා ඇන්තන් ⁣චෙකොෆ් ගේ The Proposal* ඒ අතර විය. පේරාදෙණිය සරසවියේදී හැම්ලට්* වේදිකාවට ගෙන ආ ඔහුගේ තවත් වේදිකා නාට්‍යයක් වූයේ සාක්කි* යන නාට්‍යයයි.

එහෙත් එතුමා ජීවිතයම කැප කළේ වීදි නාට්‍ය කලාව වෙනුවෙනි.

1974 පොසොන් පෝයදා අනුරාධපුරය දුම්රිය ස්ථානයේ වේදිකාව ඔහුගේ ප්‍රථම වීදි නාට්‍ය ජන කරළිය විය. රජ දැක්ම, බෝසත් දැක්ම, මිනිහෙතුට එල්ලිලා මැරෙන්න බැරිද එහිදී ඉදිරිපත් කරන ලදී.

නාට්‍ය හා සිනමා විචාරකයෙකු හා නාට්‍යවේදියකුවූ ඔහු කලක් Daily News* පුවත්පතට ඉංග්‍රීසි බසින් නාට්‍ය විචාර පෙළක් ලීවේය.

ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ තුන්වෙනියාමය* චිත්‍රපටියෙහි Mr.පීරිස් යන චරිතය රඟපෑ ඔහු වළාපටල* යන චිත්‍රපටියටද රංගනයෙන් දායක විය.

සිය ශිෂ්‍යයන් සමඟ පවා ඉතාම සරලව ඇසුරු කළ එතුමා සරසවියෙන් බැහැරව විමල් කුමාර ද කෝස්තා වැනි අභිරූපන රංග ශිල්පීන්ද සිය නිර්මාණ හා සමග එක්කර ගැනීමට සමත් විය.

එතුමා නිර්මාණය කළ වීදි නාට්‍ය මෙසේය.

රූකඩයෝ, රජ දැක්ම, බෝසත් දැක්ම , මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද, ජේසු දැක්ම, බීජ දැක්ම , ගස් දැක්ම, වෙසක් දැක්ම, නීතියේ කණ්නාඩිය, ලීය මෝරනවා, පරෙවියෙක් දැක්ක කල්, උතුමාණෝ නැවත පැමිණේ, පෝලිම , අපාය, විලාපය හෙවත් නුරුස්සන හඬක්, සයනයිඩ්, වෙන්දේසිය, ඔබ දුටුවා, සෙල්ෆෝන්, යන වීදි නාට්‍ය ඒ අතර වෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *