අපනයනය කරන්නේ රිලවු විතරක් නෙමෙයි
වගා හානි කරන රිලවුන් පමණක් නොව දඬුලේනුන්, මොණරුන්, වල් ඌරන්, ඉත්තෑවුන් වැනි සතුන් ද විදේශ රටවලින් ඉල්ලීමක් කරන්නේ නම් එම සතුන් අපනයනය කිරීමට සූදානම් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙරට පොල් වගාවට වැඩිම හානිය කරණය රිලවුන් වඳුරන් හා දඬු ලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වාර්තාවක සඳහන් බව ද හෙතෙම පැවසීය.
පසුගිය 2022 වසරේ මුල් මාස හය තුළ පොල් ගෙඩි මිලියන 93ක් වඳුරන්, රිලව් හා දඬුලේනුන් විසින් විනාශ කර ඇති බවද 2022 වසර අවසන් වන විට එම ප්රමාණය පොල් ගෙඩි මිලියන 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට රිලවුන් ලබා ගැනීම සඳහා චීනය පමණක් නොව ඇමරිකාව මෙන්ම යුරෝපා රටවල් කිහිපයකින් ද විමසීම් සිදුකර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

