උත්තර පත්‍ර ඇගයීම අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට පක්ෂ නායකයින් එකග වුනා
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් එකඟ වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අත්‍යවශ්‍ය සේවා පනත සම්බන්ධයෙන් විවාදයේ දී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.
ඒ අනුව උත්තර පත්‍ර ඇගයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට පක්ෂ නායකයන්ව එකගතාවට පැමිණ බවත් අවශ්‍යතාවයක් වුවහොත් එසේ සිදු කර හෝ මෙම ප්‍රශ්න පත්‍ර ඇගයීම් ඉක්මනට අවසන් කළ යුතු බවටත් එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.
සිසුදරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන තම ඉල්ලීම් දිනා ගන්නට උත්සාහ කරන අය පිළිබඳව විවේචන ද එහිදී එල්ල වූ බව හෙතෙම තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

