අක්ෂි රෝහලේ සැත්කම් නවතී
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝගීන් සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා ඇති වූ බව කියන Prednisolone ඖෂධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා ඇති බවය.
අදාළ ඖෂධය ඉවත්කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා සිට අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍යකරණය වනු ඇති බව බලාපොරොත්තු වන බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

