Latestදේශීය

කවුරුහරි අධ්‍යාපන ඇමතිකම බාරගන්න

අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගැනීමට කිසිවකු සිටින්නේ නම් ඒ සඳහා තමන්ගෙන් කිසිදු බාධාවක් නැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

නිලධාරීන්ගේ සහායක් නොමැතිව මාස අටක් පමණ තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය තමන් ඉතා අමාරුවෙන් ඇදගෙන යාමට සිදුව තිබෙන බවද හෙතෙම කියා සිටියි.

අමාත්‍යාංශයේ ලේකම්වරයා සාකච්ඡා බොහොමයක් මග හරින බවත් පවසන ඔහු අතිරේක ලේකම්වරියක් තමන් නොසලකා හැර කකුලෙන් අදින පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා කරයි.

අමාත්‍යාංශ ලේකම්වරයා කලාතුරකින් සහභාගීවන සාකච්ඡාවක දී පවා වචනයක් කතා නොකර බිම බලාගෙන සිටින බවද ඇමතිවරයා පැවසීය.

අතිරේක ලේකම්වරිය දීර්ඝ කාලයක් අමාත්‍යාංශයේ හිඳිමින් ඇමතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බැවින් ඇය එම අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතුව ඇතැයි ද පැවසූ ඔහු ලධාරීන් මේ අන්දමින් ක්‍රියා කිරීමෙන් අමාත්‍යංශයේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන බව ද අවධාරණය කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *