නොහික්මුණු දේශපාලනඥයින් සහ අතකොලු පොලීසිය
නොහික්මුණු දේශපාලනඥයන්ට පොලිසිය තම අතකොලුවක් බවට පත් කිරීමේ උවමනාවක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහු මෙසේ කියා සිටියේ ආනමඩුව පොලිස් ස්ථානයට පත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා යලි ස්ථාන මාරු කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඇතැම් දේශපාලඥයන් පැරණි ක්‍රමයට යළි හැසිරීම පටන්ගෙන ඇතැයි පවසන මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට මෙහි දී කළ හැකි දෙයක් නැති බවත් පොලිස්පතිවරයා මෙහි වගකීම සම්පූර්ණයෙන්ම බාර ගත යුතු බවත් කියා සිටියි.
පොලිස් නිලධාරියෙකුට පත්වීම් ලබා දුන් විට එම ප්‍රදේශයේ තම රාජකාරි නිදහෙස් ඒ ඉටුකර නොහැකි නම් රටේ අනෙක් පොදු මහජනතාවගේ තත්ත්වය කුමක්දැයි රංගේ බණ්ඩාර මහතා විමසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

