Latestදේශීය

ATA තුළින් මූළික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
 ත්‍රස්ත පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.
 රටේ පවතින ගැටලු හා මහජන අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කරමින් පුළුල් සමාජ සංවාදයක් ඇති කොට විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව මෙම ලිපිය මගින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
 මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනායක හිමියන් හා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලා විධාන මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *