Latestදේශීය

බිත්තර මිලියන දෙකක් ලබන සතියේ දිවයිනට

පසුගිය 19වන දා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයේ සාම්පල අද දිනයේ ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

පසුගිය 14 වන දා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

 එම බිත්තර සාම්පල වාර්තා ලබන 24 වනදා ලබාදීමට හැකිවන බවද ඔහු පැවසුවා

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5 කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන දෙකක් ලබන සතියේ දිවයිනට ගෙනඒමට නියමිත බව සඳහන්.

 මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර, සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර ලබා දී නොමැති බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *