රාමසාන් දිනය අද
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී ඇත.
දිවයිනේ විවිධ ප්රදේශවලින් ඊයේ (21) රාත්රී සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදුකරන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා සඳහන් කර ඇත.
මසක් පුරා උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය කරමින් ෂවුවාල් මාසයේදී (දහ වන මාසය) ඉස්ලාම් භක්තිකයෝ සිය රාමසාන් උත්සවය මෙලෙස සමරනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

