Latestදේශීය

පාසල් සිසුවෙකු සියදිවි හානිකරගනී

අම්පාර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බව වාර්තා වේ.

 මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 15 හැවිරිදි අම්පාර ,මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

 පාසල නිම වී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන තිබෙනවා.

 මූලික විමර්ශන කටයුතු වල දී නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

 වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *