Latestදේශීය

5 දෙනෙක් නිවසක මරා දාලා

ඩෙල්ෆ්ට් ජැටිය ආසන්නයේ නිවසක් තුළ පුද්ගලයින් 05 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබියදී අද (22) දහවල් සොයාගත් බව පොලිසිය පවසයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බවත් ඔවුන් ඥාතීන් බවත් මෙම පිරිස අතර නිවසේ අඹු සැමි යුවළද සිටින බවත් පොලිසිය කියයි.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලබා සිටි කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද මෙම අපරාධව ඊයේ (21) රාත්‍රියේ හෝ අද (22) සිදුකරන්නට ඇතැයිද බවට පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 60ට වැඩි පිරිසක් බවත් ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළට අමතරව සෙසු පිරිස කෝවිලේ උත්සවයකට පැමිණ සිටි ඥාතීන් පිරිසක් බවත් පොලිසිය කියයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *