Latestදේශීය

ITN ඇතුළේ ඇත්ත හෙළිකරමින් ඉෂාරා රැකියාවෙන් සමුගනී

ආත්මගෞරවය වෙනුවෙන් තම කැමතිම රැකියාව අත්හැරීමට තීරණය කළ බවත් ජීවිතයේ ඇරියස් තියෙන නාකි මහල්ලන්ගේ පීඩනය දරා ගැනීමට නොහැකි වීම නිසා මෙන්ම ආයතන පරිපාලනය කාන්තාවන්ගේ මූළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යුක්තිසහගතව ක්‍රියා නොකිරීම නිසා තමන්ට මාධ්‍ය ජීවිතයට සමු දීමට සිදු වුනු බවත් ඉෂාරා දේවේන්ද්‍ර සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

එම සටහන පහතින්,

මගේ ආසම රස්සාව මම අත් හැරියා… ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා….

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

“ඉෂාරා දේවේන්ද්‍ර” වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *