Latestදේශීය

සජබ අර්බුධය තීව්‍රවෙයි

සමගි ජන බලවේගයේ සමඟ කටයුතු කරන්නේ යයි ප්‍රකාශයක් කරන ලෙස සමගි ජන බලවේගය නායකයන් විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් කරන ලද ඉල්ලීමක් මෙතෙක් ඉටු කර නොමැති බව වාර්තා වේ.

නායකත්වයේ ඉල්ලීම මත එම ප්‍රකාශය නිකුත් කරනු වෙනුවට එවැනි ප්‍රකාශයක් නිකුත් නොකරන බවට ඇතැම් ස්ථානවල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට තිබේ.

පක්ෂයේ මතය නොතකමින් රාජිත සේනාරත්න මහතා කටයුතු කිරීම මත ඔහු සම්බන්ධයෙන් පක්‍ෂ නායකයන් තුළ දැඩි අප්‍රසාදයක් හා කලකිරීමක් ගොඩනැගී ඇතැයිද පක්ෂයේ අභ්‍යන්තර වාර්තා කියා සිටී.

පක්‍ෂ මාරුවක් ගැන පැතිරෙන තොරතුරු මත පක්ෂය සමඟ දිගින් දිගටම කටයුතු කරන්නේ යැයි ප්‍රකාශයන් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගය ප්‍රධානීන් සේනාරත්න මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *