රාජ පාක්ෂිකභාවය, කතෝලික සභාවේ ඉතිහාසය සහ වර්ථමානය
(සුදේශ් ද සිල්වා)
මම හිතන්නේ ගෝඨාභය බලයට ගේන්න මහා සැලසුම් සකස් කරපු සියලු දෙනා පාස්කු ප්‍රහාරය නිසා ලොකු පුණ්‍ය කර්මයකුත් කලා කියලා. ඒ ඉහළින් මහේක්ෂ්‍ය ලීලාවෙන් වැජබුණු කතෝලික සභාව මහපොළොවට ගෙන ඒමයි.
බොහෝ දෙනෙක් නොදන්නා දේ නම් කතෝලික සභාව පාලනය වන්නේ දැඩි අධිපතිවාදී දෘෂ්ටියකින් යුක්තව බවයි. සරළ භාෂාවෙන් කිවහොත් කතෝලික සභාවේ දේව මෙහෙයක කොටසක් සඳහා වෙනත් කිතුනු නිකායක ගිහියෙකු ට නොව පූජකවරයෙකුටවත් සහභාගි විය නොහැකි ය. සියල්ල කලින් සැලසුම් කළ පරිදි විය යුතුය. රජයට, මානව හිමිකම් කඩවීමකට එරෙහිව කතා කිරීමට ඉහළින් අවසර ගත යුතුය. යුද සමයේ පීඩනය පත් වූ ජනතාව වෙනුවෙන් උතුරු නැගෙනහිර සිටි පූජකවරුන්ට නිසි සහයක් නොලැබිණි. යුධ සමයේ ඝාතනය වූ සිවිල් වැසියන් කෙසේ වෙතත් පූජකවරුන් අතුරු දහන්වීම් ගැන හෝ වේවා යම් තරමකට හෝ බලපෑමක් කිරීමට අපොහොසත් විය. රනිල් වික්‍රමසිංහ බලයේ සිටින මොහොතේ ඝාතනයට ලක්වූ මයිකල් රුද්‍රිගු පියතුමා ගැන සාධාරණයක් ඉල්ලා සිටීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඉදිරිපත් කරුණු කිහිපයෙන්ම පෙනෙන්නේ කතෝලික සභාව රාජ පාක්ෂිකව කටයුතු කර ඇති බවයි.
නමුත් ඒ රාජපාක්ෂික භාවිතා අවස්ථාව අනුව වෙනස් වේ. රතුපස්වල දී වෙනස් වේ. භූමිතෙල් ඉල්ලා කරන ලද ඝාතනයන්හීදී වෙනස් වේ. පෝට් සිටි මූලික විරෝධතාවයන් වලදී සිටියේ ප්‍රගතිශීලී පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් පිරිසක් පමණි. කෙසේ වුවද සටන් අවසන් විය. ඒ අවස්ථාවේදී කතෝලික නායකත්වය රාජ පාක්ෂික වී ඇති බව ප්‍රගතිශීලී කතෝලික ප්‍රජාවගේ ද අදහස විය
මේ අයුරින් බොහෝ දේ සඳහන් කළ හැකි ය.
පාස්කු ප්‍රහාරය මේ සියල්ල වෙනස් කලේ ය.
නායකයන්ට පමණක් නොව අනෙක් සියලු පැවිදි සොයුරියන් හා සොයුරන් ට දැනුනු වේදනාවන් නිසා අරගලය තුල ක්‍රියාශීලී දායකත්වයක් දැරීමට ඔවුන්ට හැකි විය. ඒ පාස්කු ප්‍රහාරය නිසා කතෝලික සභාවට දැනුනු කම්පනයයි. නමුත් ඒ කිසිඳු ප්‍රතිචාරයකින් කතෝලික නායකත්වය රාජපක්ෂ රෙජීමය නම් කිරීමට අපොහොසත් වී ඇත. නමුත් අනියමින් එය පවසමින් සිටියි.
කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය අභිමුවෙහි ධෛර්යය සම්පන්න ප්‍රකාශයක් කලේ ය. දැන් අවස්ථාව එළඹ තිබෙන්නේ පුද්ගලයන් නම් කිරීමට පමණි.