Latestදේශීය

5 දෙනෙක් මැරූ සැකකරු අත්අඩංගුවට

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ සිදුකෙරුනු පංචා පුද්ගල ඝාතනයට සමබන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (23) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බවට ඩෙල්ෆ් පොලීසිය පවසයි.

ඩෙල්ෆ් පොලීසිය සමග උතුරු පලාත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ අධීක්ෂණය යටතේ පත්කල විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක සහභාගීත්වයෙන් සිදුකෙරුණූ විශේෂ පරික්ෂණයක් අතරතුරදී අදාල සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීඹ සිදුකොට ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල වළලු හා කරාබු කිහිපයක් තිබී සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.

මෙම සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුල සැඟව සිටියදී මෙලස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 51 හැවිරිදි අයෙකු වෙයි.

මොහු වසර 20 ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටත් මෙම පුද්ගලයා මෙම නිවසට නිතර යනඑන පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් සැකකරු නිවසේ වයෝවෘද්ද අයගේ රන්භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුල් වූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනාගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කොට රන්භාණ්ඩද රැගෙන පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයන් මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවටද ඔහු කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටච ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *