අධික උෂ්ණත්වයෙන් පුද්ගලයින් 2ක් මියයති
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.
එම පුද්ගලයන් දෙදෙනාම එප්පාවල ප්රදේශයේ පදිංචිකරුවන්ය.
අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 යන වයස් කාණ්ඩ වෙයි.
මෙම මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව මෙම මරණ සිදුව ඇති බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

