මහබැංකු මංකොල්ලය ගැන කබ්රාල්ගේ හෙළිදරව්ව
රනිල් වික්‍රමසිංහ 2015 අගමැතිවීමත් සමග මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් සිදුකළ අලාභය රුපියල් කෝටි 14,500ක් (බිලියන 145ක්) බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එකල හෙළි කර තිබිණි.
පාර්ලිමේන්තු වෙබ්අඩවියේ ඇති එම පිළිතුර අනුව 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ සිදු කළ බැඳුම්කර වංචාවලින් මෙම අලාභය සිදු කර ඇත. මේ අතර 1977 මහ බැංකු වාර්තාව අනුව කඩිනම් මහවැලි ව්‍යාපාරය නිම කිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුළු ආයෝජන මුදල රුපියල් කෝටි 1,100කි.
මේ අනුව රනිල් වික්‍රමසිංහ යටතේ සිදුකර තිබෙන මහ බැංකු බැඳුම්කර කොල්ලය කඩිනම් මහවැලි ව්‍යාපාර වැනි ව්‍යාපෘති 13ක් නිම කිරීමට වැයවන මුදල හා සමාන බව හෙළි වී තිබේ.
@Lanka Truth


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

