ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ.
අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.
කෙසේවුව ද භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

