Latestදේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු වලට බධා ගෙනදෙන “රාජිත” මාතෘකාව

සෞඛ්‍ය අමාත්‍යවරයකු අලුතින් පත් කරනු ඇති බවට පැතිරී යන වාර්තා මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

නව සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පත් වෙතැයි මාධ්‍ය විසින් විටින් විට සංවිධානාත්මක ස්වරූපයෙන් ප්‍රචාරය වන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතරද මතබේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ද මෙම තත්ත්වය මත බොහෝ පීඩාවට පත්ව ඇති බවත් මෙම තත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද පැමිණිලි කරන ලද බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *