Latestදේශීය

අජිත් රෝහණගේ ප්‍රතිචාර නිසා ආන්ඩුව උණුසුම්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විරෝධය පළ කිරීම පිළිබඳ ඇමතිවරයාගෙන් කළ විමසීමක දී මේ බව කියා සිටියේය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හත් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිසන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බවද හෙතෙම කියා සිටියි.

මීට ප්‍රථම අජිත් රෝහණ මහතා දකුණු පළාතට ස්ථාන මාරු කළේද මෙම ක්‍රමවේද යටතේ බවත් එම ක්‍රමවේදයටම නැගෙනහිර පළාතට මාරු කළ විට ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත් අජිත් රෝහණ මහතා මෙම ස්ථාන මාරුව කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *