Latestදේශීය

අජිත් රෝහණ පොලිස් මූලස්ථානයට කැදවයි

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිදුකරන ලද ස්ථාන මාරුකිරීම පිළිනොගත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම නිර්දේශ ලබාදී ඇති අතර අදාල ස්ථාන මාරුවීම් ද කොමිසම විසින් අනුමත කර තිබේ.

ඊයේ දිනයේ මෙම මාරුවීම් දැනුම් දුන් පසු අජිත් රෝහණ මහතා දැනුම් දී තිබුණේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පොලිස් ස්ථාන මාරු කිරීම සිදු කිරීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් අජිත් රෝහණ මහතා විසින් එල්ල කර ඇති විරෝධතාවය සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තෙක් ඔහු පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇති අතර අනෙක් නියෝජ්‍ය පොලිස්පතිගේ ස්ථාන මාරු වලට අනුමැතිය ලබා දී තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *