Latestදේශීය

ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්ථා වන බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කරයි.

ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව , සංඛ්‍යා ලේඛන දත්ත අනුව සුමනසේන මහතා සඳහන් කරයි.ෙමේ අතර අද (26) සිට මැයි මස 02දා දක්වා පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල, ඩෙංගු මඳුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *