පාසල් සිසුවියක් දුම්රියක ගැටෙයි
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබෙන බව වාර්තා වේ.එසේ මියගොස් ඇත්තේ, බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර ඇය වයස අවුරුදු 15 ක තැනැත්තියකි.
ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ දුම්රිය ස්ථානයත් අතර දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිසුවිය අනතුරට පත්ව ඇත.
මෘත ශරීරය මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

