Latestදේශීය

බිත්තර අර්බුදය යළිත්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය.

මේ වෙනකොට බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් අසීරුතාවයකට පත්ව තිබෙන බවත් , 19 වනදා ලංකාවට ආ බිත්තර නැවේ සාම්පල භාරදී ඇති බවත් ඒ මහතා සදහන් කරයි. එහි සාම්පල වාර්තාව සඳුදා දිනයේ ලැබෙන බවට බලාපොරාත්තු වු නමුත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන්නේ සාම්පල වාර්තාව සිකුරාදා දිනයේ බවටයි.

ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවත් ආසිරි වලිසුන්දර මහතා සදහන් තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *