Latestදේශීය

මෙම වසරේදී කොරියානු රැකියා 8000ක්

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග ඊයේ (26) උදෑසන කළ සාකච්ඡාවක දී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව එකගතාවය දක්වා ඇත.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර පැවැති  සාකච්ඡාවේදී මෙම එකගතාවය පලකර තිබේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පලකර තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම්  ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.

ලබන වසරේ සිට ඊ 9 වීසා ඛාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය දක්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *