Latestදේශීය

වන අලි මරණ සංඛ්‍යාවෙහි වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වන අලි මරණ සංඛ්‍යාවෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තම්න්තුව සදහන් කරයි.මේ වසර ආරම්භයේ සිට මේ මස 25 වැනි දා දක්වා වන අලි මරණ 144ක් වාර්තා වී ඇත.ඉන් වෙඩි තැබීම්, විදුලිසැර වැදීම් සහ හක්කපටස් වැනි මිනිසුන් මැදිහත් වීමෙන් සිදු වූ වන අලි මරණ සංඛ්‍යාව 67කි.වනජීවි සංරක්ෂණ දෙපාර්තම්න්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිනිසුන් මැදිහත් වීමෙන් සිදු වූ වන අලි මරණ ගණන 2022 වසරේ පළමු මාස 4ට සාපේක්ෂව 4% කින් පමණ වර්ධනය වී ඇති බවයි.

මේ වසරේ අදාළ කාල සීමාව තුළ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රිකයෙනි.එම සංඛ්‍යාව 34 ක් වන අතර පොළොන්නරුව දිස්ත්‍රිකයෙන් ද වන අලි මරණ 29ක් වාර්තා වේ. මේ අතර නැගෙනහිර පළාතෙන් වන අලි මරණ 19ක් වාර්තා වේ. මෙම කාලය තුළ වන අලි පහරදීම් හේතුවෙන් රටට අහිමි වූ පුද්ගල මරණ සංඛ්‍යාව 36කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *