අජිත්, නම කියන්න
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පවසා ඇති පරිදි තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කිරීමට කටයුතු කළේ සේවා අවශ්‍යතාවය මත බවත් පැවසූ ඇමැතිවරයා තමන්ට කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීමේ උවමනාවක් නැති බවද පැවසීය.
ස්ථාන මාරුව අසාධාරණ හා නීති විරෝධී යැයි කියමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ටිරාන් මහතා මේ බව කියා සිටියේය.
අජිත් රෝහණ මහතා වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන එසේ පවසන්නේ නම් ඔහු කවුදැයි නම සමගින් සඳහන් කරන්නැයි අජිත් රෝහණ මහතාට අභියෝග කරන බවද ඇමතිවරයා පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

