Latestදේශීය

ට්‍රිලියනයකින් බිඳ වැටුනු මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඍණ රුපියල් කෝටි 161,390කින් එනම් ට්‍රිලියන 1.614කින් බිඳ වැටී ඇති බව අලුත්ම මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළිවේ.

පසුගිය 2021 වසරේදී එහි ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ රුපියල් කෝටි 38,730ක් වී තිබූ අතර එය 2022 වසර අවසන් වනවිට ඍණ රුපියල් කෝටි 161,390ක් දක්වා ඉතා විශාල වශයෙන් පහල ගොස් ඇත. එම පහල යාම 2021 වර්ෂය හා සසඳන විට වර්ෂයක් තුළදී රුපියල් කෝටි 122,660ක ඍණ අගයක් ගැනීමකි.

රජයේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඉතා විශාල බරක් මහ බැංකුව වෙත පැටවෙන බව හෙළිවී තිබේ. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් මේ ආකාරයෙන් අති විශාල ඍණ අගයක් ගැනීම තුළ ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් ඇතිවන තත්වය පිළිබඳව පුරෝකතන කිසිවක් මේ දක්වා සිදුකර නැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *