Latestදේශීය

කම්කරු දින සැමරුමට රනිල් සූම් එකෙන්

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන මැයි දැන සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මැයි පළවෙනිදා පෙරවරු 09.00 සිට පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආර්ථිකය, ආරක්ෂාව සහ තාක්ෂණය අතින් රට ජයග්‍රහණය කරවීම ඉලක්ක කර ගෙන ‘2048 ජයගමු’ තේමාවෙන් මෙවර මැයි දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ සමුළුව අමතන බවත් පැවසූ මහලේකම්වරයා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නිරත බවද කියා සිටියේය.

පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත නායකත්ව මණ්ඩලයක ප්‍රධානත්වයෙන් මැයි දින සමුළුව පැවැත්වෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *