Latestදේශීය

චාමර ගුණසේකර මම නෙමෙයි

කොළඹ මුහුදේ දී ගිනි ගෙන විනාශයට පත්වූ Xpres Pearl නෞකා අනතුරේ වන්දි මුදල වෙනුවට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වන චාමර ගුණසේකර යනු තමන් බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මංජු ශ්‍රී නිශ්ශංක මහතා සඳහන් කරයි.

ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායකයාද වන හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අන්තර්ජාල පුවත් අඩවියක් මගින් මේ සම්බන්ධයෙන් චාමර ගුණසේකර යනු මංජු ශ‍්‍රී නිස්සංක බවට හෙළි කරන ලද වාර්තා ප්‍රතික්ෂේප කරන බවත්ය.

ඒ සම්බන්ධ එම අසත්‍ය වාර්තා පළ කිරීම සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු සිදු කරන බවත් සදහන් කලේය.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ කාර්ය මණ්ඩලයට තමන් විසින් වැටුප් ගෙවා ඇති බවට පළ වන වාර්තා ද ප්‍රතික්ෂේප කළ ඔහු ගොඩහේවා මහතා සමග සම්බන්ධතාවයන් තමන්ගේ නොතිබූ බවත් එහිදී පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *