පානදුර වෙරළේ විශාල කිඹුලෙක්
පානදුර මුහුදු වෙරළට අඩි 07ක පමණ විශාලත්වයකින් යුත් කිඹුලෙකු පැමිණ තිබේ.
පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පැවසුවේ ඊයේ (28) සවස් කාලයේදී මෙම කිඹුලාව නිරීක්ෂණය වී ඇති බවය.
ඊයේ සවස 5.30 ට පමණ කිඹුලෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට පැමිණ සිටින බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිලධාරීන්ව දැනුවත් කර තිබුණි.
වෙරළ ආරක්ෂක නිලධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ගොස් ඇති අතර ඒ ආසන්නයේ අඳුර වැටෙන තුරු සැරිසරා ඇති බවද වාර්තා වෙයි.
කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිලධාරීන් දැනුවත් කර ඇති අතර අද (29) දිනයේ ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ.
කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේදී සහ සිරි නැරඹීමට පැමිණිමේදී සැලකිලිමත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලීසිය පවසයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

