ළමා මන්දපෝෂණය ඉහළට
අවුරුදු 5ට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල දෙවන ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ 2022 වසරට අදාළව මහ බැංකුව නිතුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බවය.
පාසැල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අඩාල වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී ද අනාවරණය වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

