Latestදේශීය

EPF කෝටි 70,000ක් අනතුරේ?

දේශීය ණය ප්‍රතිව්‍යූහ ගත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබෙන දැඩි නියෝගය හමුවේ මුල් වටයේදී සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි 70,000කට (බිලියන 700ක්) ආසන්න මුදලක් කපා හැරීමේ විශාල අනතුරක් නිර්මාණය වී තිබේ.

දේශීය ණය වාණිජ බැංකු සහ සේවක අර්ථ සාධක අරමුදල වෙත කේන්ද්‍ර ගත වී තිබේ. එම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යටතේ මුල් වටයේ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවලින් රජයට ලබාදී තිබෙන ණය ප්‍රතිව්‍යූහගත නොකර සේවක අර්ථ සාධක අරමුදලේ ණය කපා හැරීම කෙරෙහි ආණ්ඩුව මූලික අවදානය යොමු කරනු ඇති බව හෙළිවී ඇත.

අර්ථ සාධක අරමුදලින් රුපියල් කෝටි 340,000ක (රුපියල් ට්‍රිලියන 3.4) පමණ ණය ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලින් රජය ලබා ගෙන තිබේ. එයින් 20%ක් කපා හැරිය හොත් අවම වශයෙන් රුපියල් කෝටි 70,000ක් පමණ මෙරට වැඩ කරන ජනතාවට අහිමි කරනු ඇති බවට ගණන් බලා ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *