Latestදේශීය

කෝ මේ ඉඩම් ලිපිගොනු ?

2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

එම කොමිසන් සභාවේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබුණි.

වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් දිගින් දිගටම අවධාරණය කර තිබුණ ද 2015 වසරේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ එහිදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අප්‍රසාදය පළ කර ඇත.

කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළ ද තවමත් එහි කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බවද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස ද සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *