Latestදේශීය

ඉන්ධන මිළ පහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් පහත දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 333කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.

මේ අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 135කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 330කි.

ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 295ක මිලට සහ කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 330ක්ව පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *