Latestදේශීය

එංගලන්ත චාමර ගුණසේකර කියන්නේ සොයාගත නොහැකි ප්‍රබන්ධයක් ?

කොළඹ මුහුදේ ගිනිගෙන විනාශයට පත්වූ Xpress Pearl නෞකා අනතුරේ වන්දිය වෙනුවට අල්ලසක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නම් පුද්ගලයෙකු එංගලන්තයේ සොයා ගැනීමට නොහැකි බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරයි.

වසර විස්සක් තිහක් වැනි දීර්ඝ කාලයක් එංගලන්තයේ පදිංචිවී සිටින පුද්ගලයන් අතරද චාමර ගුණසේකර නම් පුද්ගලයෙකු නොමැති බවත් ඔවුන් කිසිවෙකු එවැනි අයෙකු හදුනන්නේ නැති බවත් හෙතෙම කියා සිටියි.

එමෙන්ම එංගලන්තයේ නීතියට අනුව එරට බැංකුවක මේ ආකාරයේ ගණුදෙනුවක් සිදු කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අදාළ ප්‍රකාශය සිදු කරන ලද්දේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණෙන් විය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *