Latestදේශීය

පැරණිම පක්ෂයේ මැයි රැස්වීමට තහනමක්

ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන කාර්යාලයේ අද දිනයේ මැයි දින රැස්වීම පැවැත්වීමට තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම පක්ෂය දෙපිරිසක් අතර පවතින ගැටුමක් මත මරදාන පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා ඇතුළු පිරිසක් එම කාර්යාලයට පසුගිය 29 දින පැමිණීමේන පසු ගැටුම්කාරී තත්වයක් ඇතිවූ අතර මරදාන පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

මේ වන විට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දෙකට බෙදී ප්‍රබල මත ගැටුමක් හටගෙන තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *